2:ඔකිඩ් වැඩෙන පරිසරය

හොදයි අපි බලමු ඔකීඩ් වගාකරන්න සුදුසු පරිසරය තත්වයන්.ඔකිඩ් ශාක විවිද පරිසර තත්වයන් යටතේ වැඩෙන අතර ශාකයේ පැවැත්ම සදහා පරිසර සාදක අවශ්‍ය වේ.ඇතම් ඔකිඩ් විශෙශ අදික හිරු එලිය තිබෙන ස්තානවල වැඩෙන අතර තවත් සමහරක් ඔකිඩ් විශේෂ සෙවන අදික ස්තනවල වර්දනය වේ.ඒවාගෙම ඔකිඩ් වැඩෙන ස්තානයන්ද වෙනස් වේ.සමහරක් ඔකිඩ් විශේෂ පස් මත ද,දාරක මත අපිශාක ලෙසද වර්දනය වේ(උ.දා ගස් මත,ගල් මත).

2.1භෞමික ඔකිඩ්(පසෙහි)
මේම භෞමික ඔකිඩ් තෙතමනය ඇති හොදින් දිරාපත් වූ කොලරොඩු ඇති කාබනික පසමත හොදින් වර්දනය වේ.නමුත් ජලය රැදි තිබෙනම් ශාකයට එය හානිකර වේ.ඉතින් මෙ විදියට පස මත වැඩෙන එහෙමත් නොමැතිනම් බිම් ඔකිඩ් ගසට අවශ්‍ය පොහොර ජලය පස තුලින් ලබාගනි.පසුව මෙම බිම් ඔකිඩ් පිලිබදව හැදින්විමක් සහ රොපනය කරන අයුරු වෙනමම ලියන්නම්.
උදා:

2.2අපිශාක ඔකිඩ් 
ඉතින් ලන්කාව තුල දැනට වැඩි ඉල්ලුමක් සහ වියාප්තවිමක් දකින්න පුලුවන් ඔකිඩ් මෙම අපිශාක ගනයට අයත් වේ.අපිශාක ඔකිඩ් තෙතමනය හොදින් ඇති ගස් මත ගස් අතුමත හොදින් වර්දනය වේ.ඉතින් මෙම ඔකිඩ් තවත් ශාකයක් මත වැඩුනද කිසිදු අකාරයකින් දාරක ශාකයෙන් පොශනය විමක් සිදු නොවේ.වර්ශා ජලයෙන් සුලගින් ගසට අවශ්‍ය පොහොර ජලය ලබාගනි.උදාහරන වශයෙන් vandaa orchid,cattleya,drendrobium ඔකිඩ් ශාක දක්වන්න පුලුවන්.ඉතින් මේ වර්ග තමයි දැනට ලන්කාව තුල බොහොසෙයින් දැකගන්න පුලුවන්.ඉතින් මෙම භෞමික ඔකීඩ් ශාක මෙනම අපිශාක ඔකිඩ් වගාව ගැනත් ඉදිරියට ලියනවා.
උදා;




Comments

Popular posts from this blog

3:ලංකාව තුල බහුලව වගා කරන ඔකිඩ් වර්ග

ඔකිඩ් හැදින්වීම