Posts

Showing posts from October, 2019

3:ලංකාව තුල බහුලව වගා කරන ඔකිඩ් වර්ග

Image
දැනට ඔකිඩ් විශේෂ 19,000ක් පමන ඉක්මවා ඇති අතර එවා 750ට පමන වර්ග කර ඇත.එවා අතර ලන්කාව තුල අපිට කැපුම් මල් වියාපාරය සදහා යොදගැනිමට හැකියාවක් ඇති ඔකීඩ් විශේෂ මොනවාද කියා අපි බලමු.ඉතින් කැපුම් මල් වගාවට කැමති ඔබට මෙම ලිපිය වැදගත් වේවි.. 3.1 ඩ්‍රෙන්ඩ්‍රෝබියම් ගණය මේව ඔකිඩ් විශේෂය ගැන බොහොදෙනෙකු කරුනු දැනගෙන ඇතිමුත් වියාපාරික වශයෙන් සිදුකරන්නෙ සුලු පිරිසකි.ඉතාමත් හොද ඉල්ලුමක් සහිත කැපුම් මල් වර්ගයක් ලෙස මෙම ඔකිඩ් ගණය හදුන්වන්න පුලුවන්.ඉතින් ඉදිරියදි මෙම ඔකීඩ් විශේෂය වගාකරන අන්දම මුලික දැනුමෙ සිට ඔබට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.එමගින් අවශ්‍ය දැනුම ලබාගෙන ඔබටත් කැපුම් මල් වියාපාරයක් අරබන්න පුලුවන්. 3.2වැන්ඩා ගණය මේම ඔකිඩ් විශේෂය ඉතාමත් අලන්කාරවත් මල් හටගන්නා ඉහල ඉල්ලුමක් සහිත කැපුම් මල් වගාවට යොදගන්නා ඔකිඩ් විශේෂයකි. මේම ඔකීඩ් විශේෂය පිලිබදව,රොපනය පාලනය බිලිබදව ඉදිරියේදි ඔබව දැනුවත් කරන්නම්. 3.3පැලනොප්ස්සිස් ගණය ඉතාමත් අලන්කාර වර්න සහ හැඩයන්ගෙන් යුක්ත වූ මෙම ගනය ලංකාව තුල බොහො දෙනෙකු ප්‍රිය කරන ඔකිඩ් ගණයකි.මේ ඔකිඩ් ගණය ගැනත් රොපන ක්‍රියාවලිය පිලිබදවත් පසුව ලියන්නම්. 3.4බ...

2:ඔකිඩ් වැඩෙන පරිසරය

Image
හොදයි අපි බලමු ඔකීඩ් වගාකරන්න සුදුසු පරිසරය තත්වයන්.ඔකිඩ් ශාක විවිද පරිසර තත්වයන් යටතේ වැඩෙන අතර ශාකයේ පැවැත්ම සදහා පරිසර සාදක අවශ්‍ය වේ.ඇතම් ඔකිඩ් විශෙශ අදික හිරු එලිය තිබෙන ස්තානවල වැඩෙන අතර තවත් සමහරක් ඔකිඩ් විශේෂ සෙවන අදික ස්තනවල වර්දනය වේ.ඒවාගෙම ඔකිඩ් වැඩෙන ස්තානයන්ද වෙනස් වේ.සමහරක් ඔකිඩ් විශේෂ පස් මත ද,දාරක මත අපිශාක ලෙසද වර්දනය වේ(උ.දා ගස් මත,ගල් මත). 2.1භෞමික ඔකිඩ්(පසෙහි) මේම භෞමික ඔකිඩ් තෙතමනය ඇති හොදින් දිරාපත් වූ කොලරොඩු ඇති කාබනික පසමත හොදින් වර්දනය වේ.නමුත් ජලය රැදි තිබෙනම් ශාකයට එය හානිකර වේ.ඉතින් මෙ විදියට පස මත වැඩෙන එහෙමත් නොමැතිනම් බිම් ඔකිඩ් ගසට අවශ්‍ය පොහොර ජලය පස තුලින් ලබාගනි.පසුව මෙම බිම් ඔකිඩ් පිලිබදව හැදින්විමක් සහ රොපනය කරන අයුරු වෙනමම ලියන්නම්. උදා: 2.2අපිශාක ඔකිඩ්  ඉතින් ලන්කාව තුල දැනට වැඩි ඉල්ලුමක් සහ වියාප්තවිමක් දකින්න පුලුවන් ඔකිඩ් මෙම අපිශාක ගනයට අයත් වේ.අපිශාක ඔකිඩ් තෙතමනය හොදින් ඇති ගස් මත ගස් අතුමත හොදින් වර්දනය වේ.ඉතින් මෙම ඔකිඩ් තවත් ශාකයක් මත වැඩුනද කිසිදු අකාරයකින් දාරක ශාකයෙන් පොශනය විමක් සිදු නොවේ.වර්ශා ජලයෙන් සුලගින...

ඔකිඩ් හැදින්වීම

ඔකිඩ් හෙවත් උඩවැඩියා සපුශ්පක ශාක අතුරින් විශාලතම කුලය වූ (orchidaceae) ඕකිඩේසියේකුලයට අයත්ය.මල් පිපේනා ශාක අතුරින් 7%ක් පමන මෙම කුලයට අයත් වේ.ඒක බීජ පත්‍රි,බහුවාර්ශික පැලෑටි කන්ඩයමක් වන මෙම කුලයේ මල් ප්‍රමානයෙන් හැඩයෙන් වර්නයේන් පුලුල් පරාසයක් තුල විහිදී පවතී. ලොක වෙලද පොලේහි ඉතාමත් ඉහල ඉල්ලුමක් ඇති ඔකිඩ් ගෘහ අලන්කරනයට,කැපුම්මල් වගාවට යොදාගනි.ආවෙනික හැඩතල,විවිද වර්න,කාලයක් පැවතිම,කියන හෙතු නිසා ඉහල වටුනා කමකින් යුක්ත වෙයි.ඉතින් ලන්කවටත් විදෙශ විනිමය උපයාගන්න පුලුවන් මාද්‍යක් ලෙසත් ස්වයන් රැකියා ඇති කරන ප්‍රබවයක් හැටියටත් ඔකිඩ් හදුන් වා දිය හැකිය.ඉතින් අපි බලමු කොහොමද මේ ඔකීඩ් වගාවක් ඔබටත් පවත්වාගෙන යැමෙන් අලන්කාරයක්,අතිරේක අදායමක් උපයගන්නෙ කෙසෙද කියා.ඉතින් ඒ සදහා අවැසි මුලික දැනුම ඔබට ලබාදිමයි මාගෙ අරමුන.